Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සීයාගේ අවමගුලදා මුණුබුරාත් අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යයි

2 years ago

පරගස්තොට, තුඩුව පාලම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 21ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මොරොන්තුඩුව, කවටයාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්.

මෙම තරුණයා තම සීයාගේ අවමඟුල් උත්සවයට සහභාගී වී සිටි අවස්ථාවේ දී මිත්‍රයෙක් සමඟ යතුරු පැදියක ගමන් කරන අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම දී තරුණයාට යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ආරක්ෂක කණුවක වැදීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

එහිදී යතුරුපැදිය පැදවූ තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුව ඇති අතර, ඔහුව ගෝනදූව රෝහල වෙත ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් ඇති බව සඳහන්.