හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑණාට අයත් බව කියන කෝටි ගණනක් වටිනා මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුව ගෙන ඇතැයි වාර්තා වෙනවා.
මෙම රථ සඟවා තිබු ස්ථානයේ කිසිවෙකුටත් ඒවායේ නීත්‍යානුකූල බව සම්බන්ධ ලියකියවිලි ඉදිරිපත් කිරීමට හැකිව නැති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් මෙම රථ භාරයේ තබාගෙන සිටි පුද්ගලයා මහනුවර මහයියාව ප්‍රදේශයේ රථවාහන අලෙවි සැලක්ද පවත්වාගෙන ගොස් ඇති අතර රෝහිත අබේගුණවර්ධන වරාය අමාත්‍ය ධුරය දරණ සමයේ ඔහු වරාය අධිකාරියේ ඉහළ නිලයක්ද දරා ඇති බව වාර්තා වෙනවා.
මෙම මෝටර් රථය සහ ජීප් රථය වරායෙන් අනීතිකව පිට කළ දෙකක් බවට පොලිසිය සැක කරනවා.
(source – lankaline.lk)
