Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මරුට

2 years ago

කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 24 හා 34 යන වයස්වල පසුවන පොල්ගහවෙල හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

මොවුන් දෙදෙනා ඊයේ (20) සවස තවත් දෙදෙනකු සමග මත්පැන් පානය කර ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.