නව පාර්ලිමේන්තුවේ යාමට හැකි වුවොත් ජනාධිපති අනුර කුමාර දිසානායකට එරෙහිව දෝශාභියෝගයක් ගෙන එන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (21) පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් හෙළිදරව්ව කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.
ජනාධිපතිවරයාට ජාතියෙන් සමාව ගෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නව සිය තනතුරින් ඉවත් කිරීමට අවස්ථාව ඇති බව ඔහු කියා සිටියා.
රවි සෙනෙවිරත්න විසින් පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකර සිටි පුද්ගලයෙකු බව පාස්කු විමර්ශන වාර්තාවෙන් හෙලි වීම තුළින් ඔහුව ඉවත් කල යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියේ.
එසේම නැතිවුවොහත් නව පාර්ලිමේන්තුවේදී තමා තනියම දෝශාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.

