Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය නිළියකගේ සැමියාගෙන් රජයට කෝටි 66ක පොල්ලක්! වහාම විමර්ෂනයක් අරඹයි!

2 years ago

පසුගිය යහපාලන සමයේදී කෘෂිකර්ම අමාත්‍යංශය සදහා කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව අමාත්‍යංශ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පවසයි.

එම ගොඩනැගිල්ල ලබාගැනීමේදී රජයේ මුදල් රු. කෝටි 66ක තැන්පතුවක් ලබා දී තිබෙන අතර ගොඩනැගිල්ල නැවත භාරදුන් පසු එම තැන්පතු මුදල ලබා දී නැති අතර අමාත්‍යාංශය විසින්ද එම මුදල් ලබා ගැනීමට කටයුතු කර නොමැති බවයි ලේකම්වරයා පවසන්නේ.

එලෙස රජයේ මුදලින් තැන්පතු මුදලක් ලබා දීමේදී බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගත යුතු වන අතර එයද එවකට සිදුකර නොමැති බවද වික්‍රමසිංහ මහතා කියාසිටියි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගතහැකි පියවර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසයි.

එම ගොඩනැගිල්ල ප්‍රවීණ නිළි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් වන අතර එය රාජගිරිය ප්‍රදේශයේ පිහිටා තිබේ.

දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී මෙම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගෙන තිබුණු අතර එම කාලය තුළදීද ඊට දැඩි විරෝධයක් එල්ල වුණි.