Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලාංකිකයෙක් කැනඩාවේදී වෙඩි තබා ඝාතනය කෙරේ

2 years ago

කැනඩාවේ රැකියාවක නිරත වෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් ඊයේ (21) එරටදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

යාපනය, මයිලිට්ටි ප්‍රදේශයේ පදිංචි මොහු 44 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

කැනඩාවේ ඔන්ටාරියෝ නුවර මාඛාම් (Markham) ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

ඔහුට වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තබන ලද්දේ කවුරුන් විසින් ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සිද්ධිය ගැන සැලවීමෙන් පසුව පොලිසිය පැමිණ වෙඩි වැදී තුවාල ලබා සිටි ඔහුව රෝහල් ගත කිරීමට උත්සහ කළද ඔහු ඒ වනවිටත් මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.