Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසේ තාප්පය කඩා වැටී සය දරු මව මරුට

2 years ago

ඇතිමලේ – කුඹුක්ගේ යාය ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තාප්පයක් ඇඟ මතට කඩා වැටීමෙන් සයදරු මවක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි තැනැත්තියකි.

ඇය අද පාන්දර ඉදිරිපස ගේට්ටුව විවෘත කිරීමට උත්සහ කිරීමේදී එකවරම තාප්පය ගේට්ටුව සහ ඇයව යටකරගෙන කඩාගෙන වැටී ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තුවාල ලද මරණකාරිය ඇතිමලේ රෝහලට ඇතුළත් කළ ද, ඇය ඒ වනවිටත් මියගොස් සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.