Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාහනයේ අංකය අනුව ඉන්ධන ලබා දෙන යෝජිත සලාක ක්‍රමය මෙන්න

4 years ago

ඉන්ධන ලබා දීමේදී වාහනයේ අංකය අනුව මාසයකට හෝ සතියකට දිනයක් පමණක් ඉන්දන ලබා දීම සදහා වැඩපිළිවෙලක් යෝජනා වී තිබේ.

සීමිත ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා මූලිකව කළමනාකරණය කර ගැනීම මෙහි අරමුණ වී ඇත.

එහිදී වෘත්තීය ප්‍රවාහන ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහාලුම් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

සෙසු වාහන සදහා මාසිකව නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමටද නියමිතය.

අදාළ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  අතර සාකච්ඡාවක් ඊයේ (18) පවත්වා ඇත.