Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආරුගම්බේ ප්‍රහාරය ගැන මාධ්‍ය කියපු කතාව බොරුවක්! ඇමති විජිතගෙන් විශේෂ ඉල්ලීමක්!

2 years ago

ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ඉන්දීය බුද්ධි අංශ විසින් ලබා දුන් බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහජන ආරක්ෂක විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අදාළ ප්‍රහාර සඳහා රුපියල් ලක්ෂ 50ක් ලබා දුන් බවට පත් වූ මාධ්‍ය වාර්තා ද අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

“ඉන්දීය බුද්ධි අංශ මඟින් එහෙම දෙයක් සිදුවුණේ නැහැ. ඒක වැරදි ප්‍රවෘත්තියක්. මාධ්‍ය ආයතනවලට මේ ගැන නිවැරදි කිරීම් කරන්න කියලා කිව්වා. මුදල් ප්‍රමාණයන් නිවැරදි නැහැ. මේවා සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ නිසා අපි මාධ්‍යවලින් ඉතා වගකීමෙන් ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය මත යම් යම් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්න එපා. ඒකෙන් ජනතාව කලබල වෙනවා. ඒ නිසා වගකීමෙන් පරිස්සම් සහගත ලෙස ප්‍රචාරය කරන්න කියන ඉල්ලීමත් සිදු කරනවා.”