Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහනුවර ආරක්ෂාව තර කරයි! පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්!

2 years ago

මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩංගණය අවට ආරක්ෂාව තර කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණු සැසිරයට පෙර ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව සඳහන්.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (26) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මේ අතර මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි ඊශ්‍රායල් ජාතිකයන් නැවතී සිටින මහනුවර සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ එම සංචාරක හෝටල් ආශ්‍රිතව විශේෂ මුර සංචාර වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව සඳහන්. (source – monara)