Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහඡන්දෙට පාට කරන ඇඟිල්ල වෙනස් වෙයි

2 years ago

ඉදිරි මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී සලකුණු කරන ලද්දේ ඡන්ද දායකයාගේ වම් අතෙහි සුළැඟිල්ලයි.

මේ අතර හෙට (26) පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ මහපටඟිල්ල සලකුණු කිරීමට නියමිතය.

ඇඟිල්ල සලකුණු කිරීමේදී ඇතිවිය හැකි ගැටලු තත්ත්වයන් නිරාකරණය කිරීම සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දබර ඇඟිල්ල සලකුණු කිරීමට කටයුතු යොදා තිබේ.