බලංගොඩ නගරයේ පාසලක ළමුන් 22 දෙනෙකු හදිසියේ ඇති වූ සංකූලතා තත්ත්වයක් හේතුවෙන් බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එම දරුවන් පිරිස අද (25) වැනි දා පාසලේ වැසිකිළි පිරිසිදු කිරීමෙන් පසු ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
එම දරුවන් විසින් රසායනික දියර වර්ගයක් භාවිතා කර මෙලෙස වැසිකිළි පිරිසිදු කර ඇති අතර, එහිදී ක්ලාන්තය ආසාදනය වීම හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර ඇත.
මේ වන විට එම දරුවන් වෙත ප්‍රතිකාර ලබා දෙමින් ඇති බව බලංගොඩ රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.

