දුම්රිය සේවකයින්ව තවදුරටත් දිරිමත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
ඒ හේතුවෙන් මෙම තත්ත්වය වෙනස් කිරීමටත්, එහි සේවකයන් දිරිමත් කිරීමටත්, හේතු වන විශේෂ තීරණයක් ලෙස දුම්රිය සේවකයින් හට තම නිවාසය සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබා දීමට විෂයභාර අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
මෙය දුම්රිය සේවකයන්ගේ අභිමානය වැඩි කිරීමටත්, කාර්යක්ෂමතාවය ඉහළ තත්වයට ගෙන ඒමටත් සාධනීය ලෙස බලපාන තීරණයක් වනු ඇති බවයි ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කළේ.
එය රටේ ආර්ථිකයටත් යම් බලපෑමක් කළ හැකි ක්‍රියාවක් වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

