ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර වත්මන් ආණ්ඩුව යටතේ ලැබී තිබුණු බුද්ධි තොරතුරු පිළිබඳ අවස්ථා කිහිපයකදී ආරක්ෂක මණ්ඩලය රැස්වී ගත යුතු පියවර සම්බන්ධව තීරණ ගත් බවයි අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ ( 24 ) දින අවධාරණය කළේ.
ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබුණා.
ඒ සම්බන්ධව කඩිනමින් මැදිහත් වී විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන්නේ.

