ශීතකරණයෙන් විදුලි සැර වැදුණු කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අත්තනගල්ල පොලිසිය සඳහන් කළේ අදාළ දරුවා නිවසේ කෑම කාමරයේ තිබූ ශීතකරණයේ පහළ කොටසට අත දැමූ අවස්ථාවේදී විදුලි සැර වැදී ඇති බවයි.
එය දුටු දරුවාගේ පියා වහාම දරුවාව වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව සඳහන්.
මෙසේ මිය ගොස් ඇත්තේ පළමු වසරේ ඉගෙනුම ලැබු වයස අවු 06 ක පිරිමි දරුවෙක්.
මෙම දරුවා නිවස ඇතුළත් සෙල්ලම් කරමින් සිට ඇති බවත් නිවසේ කෑම කාමරය තුළ තිබු ශීතකරණයේ පහළ කොටස තුළට අත දැමීමේදී විදුලි සැර වැදී ඇති බවත් හෙළි වී තිබෙනවා.

