Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුරාධපුර රෝහලේ සිව්වැනි මහලින් වැටී රෝගියෙකු ජීවිතක්ෂයට

2 years ago

අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහචාර්ය ඒකකයේ සිව්වැනි මහලේ 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු උඩු මහලින් බිමට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, පරසන්ගස්වැව පොලිස් වසමේ පානියන්කඩවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා රෝහලේ සිවුවැනි මහලෙන් ඇද වැටී තුවාල ලැබීමෙන් අනතුරුව ප්‍රතිකාර සදහා එකළොස් වැනි වාට්ටුවට ඇතුලත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබුණි.

පවුල් ආරවුලක් හේතුවෙන් සිය වැඩිමහල් සහෝදරයාගෙන් සිදු වූ පහරදීමක් මත මෙම පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ වැඩිමහල් සොයුරා පරසන්ගස්වැව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

p