
ප්රසිද්ධ සහල් ව්යාපාරික ඩඩ්ලි සිරිසේනගේ පොළොන්නරුව, ඇතුමල්පිටිය අරලිය සහල් නිෂ්පාදනාගාරයට අද (27) පාර්භෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක්ව තිබෙනවා.
එහිදී පාර්භෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමඟ එම නිෂ්පාදනාගාරයේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සාකච්ඡා කර තිබෙනවා.
එහිදී කලමණාකාරිත්වය දන්වා ඇත්තේ දෛනිකව සිදු කරන සහල් නිෂ්පාදනය කිසිදු ලෙසකින් අඩු නොකරන බවයි.
එමෙන්ම දෛනිකව සිය නිෂ්පාදනාගාරයේ කිරි සම්බා කිලෝ ලක්ෂ 2 ක්ද, නාඩු සහල් කිලෝ ලක්ෂ 1 ක්ද සකස් කරන බව කලමණාකාරිත්වය දන්වා ඇති බව සඳහන්.
කීරි සම්බා නිෂ්පාදනය මෙලෙස ඉහළ ගොස් ඇත්තේ පසුගිය කන්නයේදී ගොවීන් විසින් කීරි සම්බා වගා කළ භූමි ප්රමාණය වැඩි වීමෙන් බවයි කළමනාකාරිත්වය සඳහන් කරන්නේ.

