Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතිහාසයේ පළමු වරට මෙරටින් අප්‍රිකානු සූකර උණ රෝගය වර්තා වෙයි

2 years ago

එම රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රිකානු සූකර උණ රෝගය “Porcine Reproductive and Respiratory Syndrome” බවට හඳුනාගෙන තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ක්ෂේත්‍රයෙන් ලබාගන්නා ලද නව සාම්පල පරීක්ෂා කිරීමේ දී සාම්පල කිහිපයකින් ඒ බව තහවුරු වී ඇති බවය.

එම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ පළමුවරටයි.

එම රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඌරු මස්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යංශය පැවසීය.