
රුපියල් කෝටියක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතල්න හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගිනි අවියක් සහ ජීව උණ්ඩ හයක් සමඟයි.
ඔහු හෙරොයින් මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිව සිටින පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.
සැකකරු අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
අහංගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් මෙම කාන්තාව ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බව සඳහන්.
ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දුන් ව්‍යාපාරිකයා සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

