Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටුවාපිටිය දේවස්ථානයේ ආරක්ෂක සෙබළෙක් වෙඩි තබාගනී

2 years ago

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ආරක්ෂක රාජකාරි කළ හමුදා සෙබළෙක් අද (28) උදෑසන සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බව වාර්තා වේ.

ඔහු රාජකාරී ගිනි අවියෙන් උදර ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති අතර, ඔහුව වහාම මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

මෙලෙස වෙඩි තබාගෙන තිබෙන්නේ මීගමුව, බොලවලාන ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ සෙබළෙක්

ඔහුට ජීවිත අවදානමක් නොමැති බවයි මීගමුව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.