හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔවුන් බලාගැනීම ජනතාවගේ වගකීමක් නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ගාල්ලේ පැවැති මහ මැතිවරණ ප්රචාරක රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා
“මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදය අඩු වෙන්න ඕන. ඔවුන් වෙනුවෙන් දරණ වැය බර අඩු වෙන්න ඕන. ජනාධිපතිවරයා වෙනුවෙන් වැය කරනඅඩු කරන්න ඕන.
හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැය කරන වැය බර මුළුමනින්ම අඩු කරන්න ඕන. දැන් අපි ඒවට කමිටුවක් දාලා තියෙනවා. සමහර වරප්‍රසාද චක්‍රලේඛ වලින් දීලා තියෙනවා සමහර ඒවා පනත් වලින් දීලා තියෙනවා.
සමහර වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තියෙනවා. චක්‍රලේඛ වෙනස් කරන්නේ කොහොමද පනත් කොහොමද වෙනස් කරන්නේ කියලා අපි සොයා බලනවා. හිටපු ජනාධිපතිවරු බලාගන්න එක නතර කරනවා.
මේවා කරන්න බැහැ පොඩි ගණන් නොවේ. ආරක්ෂකයන් එකසිය හැට තුනක් ඉල්ලනවා. ඇම්බියුලන්ස්, කාර්, ජීප් රථ, බීඑම් ඩබ්ලිව් දාහතක් දහ අටක් ඉල්ලනවා. ගෙදර ඉන්න ගානට වැඩියෙන් කෝකියෝ ඉල්ලනවා. මෙහෙම රටක් කරන්න බැහැ.
එයාලා හිතනවා ජනාධිපති වෙලා ගෙදර ගියාට පස්සේ එයාලා බලාගන්න එක ජනතාවගේ වගකීමක් කියලා. ඒගොල්ල බලාගන්න එක ජනතාවගේ වැඩක් නොවෙයි. ඒවා ඉතා ඉක්මනින් අපි ඉවත් කරනවා.
