2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා යොදාගත හැකි වලංගු හැඳුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් හැඳුනුම්පතක් ඉදිරිපත් කර අන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වනවා.
ඒ අනුව ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැදුනුම්පත, ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ඒ සඳහා ඉදිරිපත් කළ හැකියි.
මෙම ඡන්ද විමසීමේදී තැපැල් ඡන්ද හිමියන් ස්වකීය රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම තැපැල් ඡන්ද හිමියා හඳුනා ගැනීම හෙවත් අනන්‍යතාව පරීක්ෂා කිරීම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්ය අධීක්ෂණයට තේරීම් භාර නිලධාරින් විසින් පත්කොට ඇති නිලධාරියා විසින් සිදුකල යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
එසේ නොවන අවස්ථාවලදී රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන තැපැල් ඡන්ද හිමියන්ට ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවට සහතික කිරීමේ නිලධාරින් වෙත දන්වා තිබෙනවා.
පසුගිය ඡන්ද විමසීම්වලින් පසුව ඒ සම්බන්ධයෙන් අනාවරණ වූ කරුණු සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
