Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු මන්ත්‍රී මුජිබර්ට අකරතැබ්බයක්! WhatsApp ගිණුම හැක් කර මුදල් ඉල්ලලා!

2 years ago

සිය WhatsApp ගිණුමට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් පිවිස ඇති බව සමගි ජන බලවේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ එම පාර්ශවය සිය සමීපතමයන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට ඊයේ (28) පැමිණිල්ලක්ද ගොනුකර තිබෙනවා.

ඉන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තම වට්ස්ඇප් ගිණුම හැක් කර තම සමීපතමයන් කිහිපදෙනෙකුගෙන් තම ජංගම දුරකථන අංකය හරහා මුදල් ඉල්ලා පණිවුඩ යවා ඇති බවයි.

ඒ පිළිබඳව තම මිතුරෙකු තමා හට දැනුම්දුන් බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් දන්වා සිටියා.

තම සමීපතමයන් කිහිපදෙනෙකු ඉහත කී බැංකු ගිණුම්වලට මුදල් මාරුකිරීමට උත්සාහ කර ඇති බව ප්‍රකාශ කළ හිටපු මන්ත්‍රීවරයා එය බරපතළ ප්‍රශ්නයක් බවද කියාසිටියේය.