ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ සාකච්ඡාවක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින්.
“ත්‍රස්වාදයක වැළැක්වීමේ පනත මේ මොහොතේ අහෝසි කිරීමක් ගැන සාකච්ඡාවක් වෙලා නැහැ. මේ මොහොතේ තියෙන ආකාරයට තමා පවතින්නේ. මොකද ඔබ දන්නවා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නැහැ. එවැනි පනතක් වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුව තුළ ඒවා සංශෝධනය කරලා අනුමත වෙන්න ඔනේ.
මොකද ඔබ දන්නවා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නැහැ. එවැනි පනතක් වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුව තුළ ඒවා සංශෝධනය කරලා අනුමත වෙන්න ඔනේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කළ යුතුයි කියන අදහස කාලයක් තිස්සේ තියෙනවා. අපි ඉදිරියේදී පාර්ලිමේන්තුව ආරම්භ වුණාට පස්සේ සාකච්ඡාවට ගන්නවා.”
