Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැතිවරණ කොමිසම ජනතාවගෙන් කළ ඉල්ලීම

2 years ago

යම් කිසි දිස්ත්‍රික්කයක හෝ නගරයක ඩිජිටල් තිර භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම නීතිවිරෝධි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ, එවැනි ප්‍රචාරක කටයුතු නිරීක්ෂණය කළහොත් ළඟම ඇති පොලිස් ස්ථානය ඕනෑම දිස්ත්‍රික්කයක හෝ නගරයක මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඩිජිටල් තිර භාවිත කිරීම නීති විරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලා සිටියේ එවැනි ප්‍රචාරක කටයුතු නිරීක්ෂණය කළහොත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි.

“ඔබගේ දිස්ත්‍රික්කයේ, ඔබගේ නගරයේ ඩිජිටල් තිරයක යම්කිසි ආකාරයක ප්‍රචාරක කටයුත්තක් සිදුකරනවා නම් කරුණාකරලා ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම්දෙන්න ඒ අනුව පොලීසිය කටයුතු කරයි. මේක සම්පූර්ණ නීතිවිරෝධී ක්‍රියාවක්. මේක බලහත්කාරයෙන් මිනිස්සුන්ට ප්‍රචාරක කටයුතු කිරීමක් කරන්නේ. මුදල් ගෙවා හෝ ප්‍රදර්ශනය කිරීම තහනම්. හේතුව ඒවා පොදු ස්ථානයක පොස්ටරයක් ප්‍රදර්ශනය කිරීම හා සමාන වෙනවා. ඒ නිසා එය ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඒ නිසා  ඩිජිටල් තිර මත දැන්වීම් යැවීම සම්පූර්ණයෙන් නීතිවිරෝධී ක්‍රියාවක්. මීට ඉහත මැතිවරණයකදී අධිකරණ තීන්දුත් අරගෙන තියෙනවා. අපි ඒ අනුව අධිකරණය යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා.”