Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

coconut - පොල්

පොල් අර්බුදය තවත් මාස ගණනක් දිග්ගැස්සෙන ලකුණු

2 years ago

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කරනවා.

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බව ඇය පවසනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ ලබන වසරේ අප්‍රේල් මස දක්වා ලැබෙන පොල් අස්වැන්නේ අඩුවීමක් බලාපොරොත්තු වන බවයි.

රට තුළ පවතින පොල් හිඟය පාලනය කිරීම සඳහා අපනයන අරමුණු කරගනිමින් පොල් මද ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත් කර ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළාය.