Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

2 years ago

දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රභල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත් වලත්, හම්බන්තොට, මුලතිව්, කිලි නොච්චි, වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්ක වලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත තද වැසි සමඟ අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.