බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදුවූ බස්රථ අනතුරින් සිසුවියන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.
ඉන් දෙදෙනෙක් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් බව සඳහන්.
මේ අතර අනතුරින් තුවාල ලැබූ තවත් 06 දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 39 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබේ.
ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටි සිසුන් පිරිසක් ඇතුළු 41 දෙනෙකු අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන්කරමින් සිට තිබේ.
