හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කර ඇති බව වාර්තා වනවා.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මීට පෙර 175 ක පමණ ආරක්ෂක බල ඇණියක් යොදවා සිටි බව පැවසේ.
ඊට සමගාමීව ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දෙන වාහන සංඛ්‍යාවද කප්පාදු කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා නිලධාරීන් 60 දෙනෙකු, ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් ලබාදී තිබෙනවා.
ප්‍රභූ ආරක්ෂක නිලධරයින් අනුයුක්ත කිරීමේ කමිටුව විසින් ගන්නා ලද තීරණයට අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් පරිදි විශේෂ ආරක්ෂ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශ සහිතව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙන බවයි පැවසෙන්නේ.
ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතු බවයි.
