ඊයේ රාත්‍රියේ කල්මුණේ සයින්දමරුදු සිට නුවරඑළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් අනතුරට ලක්ව තිබේ.
හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 17 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් අනතුරින් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සැක පළ කරන්නේ ලොරි රථයේ තිරිංග ක්ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
