Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ පැවැත්වීමට එරෙහිව සිසුවෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

2 years ago

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ව ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට දරුවන් සඳහා තවමත් විෂය නිර්දේශ අවසන්ව නොමැති බව සඳහන් කරමින් ඊයේ (01) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පාසල් සිසුවෙක් විසින් පැමිණිල්ලක් භාර දී තිබෙනවා.

එබැවින් විභාගය පැවැත්වීම සඳහා දින නියම කෙරුණ ද එය අසාධාරණ බව පැමිණිලිකරු චෝදනා කරනවා.

සාමාන්‍ය පාසල් වර්ෂයක දින 210 ක් පාසල් පැවැත්විය යුතු වුවත් 2023 වර්ෂයේ දින 198ක් පමණක් පාසල් පවත්වා ඇති බවයි පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරන්නේ.

එබැවින් 2024 වර්ෂයේ දින පුරප්පාඩුවක් ඇති බවත් සමස්තයක් වශයෙන් දින 74ක පුරප්පාඩුවක් පවතිද්දී අධ්‍යාපන අමාත්‍යාංශය තනි මතයට තීන්දු තීරණ ගන්නා බව ද පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කරනවා.

හිමිකම් කොමිෂන් සභාව වෙත භාර කෙරුණා.