Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීතීඥවරයෙකුගේ නීතිඥභාවය වසර 5කට අත්හිටුවයි

2 years ago

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතීඥවරයෙකුගේ නීතීඥ භාවය වසර 5කට අත්හිටුවීමට නියම කළ බව සඳහන් වේ.

ඒ කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩුවක විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවටයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා කළ පැමිණිල්ලකට අනුව පැවති විභාගයකින් අනතුරුවයි.

අදාළ වගඋත්තරකරුවෙනුවෙන් පෙනී සිටීමට මෙම නීතීඥවරයා රජයෙන් පත් කොට තිබූ නමුත් ඔහු විත්තිකරු වෙනුවෙන් දින තුනක් නොකඩවා අධිකරණය වෙනුවෙන් පෙනී සිට නැති අතර, වගඋත්තරකරු වරදපිළිගන්නා බව අධිකරණයට දැනුම් දුන් බව පැවසේ.

කෙසේ වෙතත් ඔහු නීතීඥ ආචාර ධර්ම කඩවන ආකාරයෙන් කටයුතු කර ඇති බවට විනිසුරුවරුන් තීරණය කර ඇත. ඒ අනුවයි ඔහුට වසර 5ක කාලයක් නීතීඥභාවය අත්හිටුවීමට තීරණය කර ඇත.