Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් ඇමති විජිත කළ ඉල්ලීම

2 years ago

දුම්රිය මගීන් අපහසුතාවට පත් නොකරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය විජිත හේරත් මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් සිදුකරමින් විජිත හේරත් මහතා පවසා ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති සමග කළ සාකච්ඡාවලදී බොහෝ ගැටලුවලට විසඳුම් ලබා දුන් බවයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බඳවා ගැනීම් හා උසස්වීම් ප්‍රශ්නයට ස්ථිර විසඳුම් මෙම මැතිවරණ කාලසීමාවේදී ලබාදීමේදී ගැටලු මතුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එතෙක්, මහජනතාව අපහසුවට පත් නොකර කටයුතු කරන ලෙස විජිත හේරත් මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් ඉල්ලා සිටිනවා.