Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් අනතුරින් මිය ගිය සිදුවියන් දෙදෙනාගේ මරණයට හේතුව හෙළි වෙයි

2 years ago

බදුල්ල – මහියංගණය මාර්ගයේ දුන්හිද, අඹගස්ඔය ප්‍රදේශයේදී ඊයේ (01) සිදු වූ බස් රථ අනතුරින් මියගිය සිසුවියන් දෙදෙනාගේ මරණය සිදුව ඇත්තේ හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් බව මෘතදේහ සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ මෘත දේහය ඊයේ රාත්‍රියේදීම ඥාතීන්ට බාර දුන් බව බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ගයාන් කුරේ මහතා පැවසුවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 23 හැවිරිදි සිසුවියන් දෙදෙනෙක්.

ඉන් එක් සිසුවියක් ඉසුරි උමයංගනා වන අතර, ඇය නිවිතිගල, තොලබුගමුව, පහළකන්ද ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මියගිය අනෙක් සිසුවිය වන එන්.එම්.පී.ටී. හෙට්ටිමුල්ල කුරුණෑගල උණකොළගෙදර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව සඳහන්.