කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ රුවන්වැල්ල ප්‍රාදේශයේදී අද (02) අලුයම බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා
අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ බස් රථයක් පාලනයෙන් ගිලිහී ගොස් අසල පිහිටි නිවෙසක් තුළට කඩා වැදීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුර හේතුවෙන් නිවසට දැඩි හානි සිදුව තිබෙන අතර බස් රථයේ සිටි මගීන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
