මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබා ගෙන ඇති ඇතැම් ගුරුවරු පාසැල් තුළ සිය ප්රවර්ධන කටයුතු සිදු කරන බවට පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.
ඒ පිළිබඳව විදුහල්පතිවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.
නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ඉකුත් ඔක්තෝබර් 30වැනිදා ආරම්භ වූ අතර ඊයේ දිනයේත් තැපැල් ඡන්දය ප්රකාශ කිරීම සිදු කෙරුණා.
මීට අතරව නොවැම්බර් 04 වැනිදා ද රාජ්ය සේවකයින්ට තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව හිමිවන අතර එම දින දෙකෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට නොවැම්බර් මස 07 සහ 08 දිනවල තම සේවා ස්ථානය පිහිටි දිස්ත්රික්කයේ දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය භාවිත කළ හැකියි.
