2024 වසර ආරම්භයේ සිට ඔක්තෝබර් 25 දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 1,818න් පුද්ගලයන් 1,898ක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අද (02) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.
රිය අනතුරු සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එම මාරක අනතුරුවලින් මිය ගිය පිරිස අතරින් 676ක් පදිකයන් බවයි.
එමෙනම්, රිය අනතුරු සිදු කර පළාගිය සිද්ධිවලට අදාළ වාහන 42ක් සම්බන්ධයෙන් වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළා.
ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, මාර්ගයේ ගමන් ගැනීමේදී මහජනතාව වඩාත් ප්‍රවේසම්කාරී විය යුතු බවයි.
එමෙන්ම, රාත්‍රී කාලයේදී කළු පැහැති ඇඳුම් ඇඳීම නිසා රියදුරන්ට නොපෙනුනු අවස්ථාද වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පවසා සිටියා.
