රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය තීරණය කර ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
ආණ්ඩුව මාරුවීමට නියමිතව තිබු වෙලාවක රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මුදල් තිබෙනවාද නැද්ද සොයා නොබලා අනුමැතිය ලබා නොගෙන පසුගිය රජය එම ප්‍රකාශය සිදුකළ බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
“රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩිවිය යුතුයි කියන කියන එක ගැන අපිට විවාදයක් නෑ. නමුත් කරන විදිහක් තියෙනවා. බජට් එක තුළ අධ්‍යනයක් කර තියෙන විකෘති විශමතා තවත් අර්බුදයකට යන්නේ නැති විදිහට අපි තීන්දු තීරණ ගන්නවා.”
එලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමිය නොහැකි බවයි කොළඹ පැවති ජන හමුවකදී ඇය පැවසුවේ.
