Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේව කොළඹ ජාතික රෝහලට මාරුකර යවයි

2 years ago

හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙනවා.

හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස ජාතික රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසා සිටියේ.

එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද පසුගියදා තීරණය කරනු ලැබුවා.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් මොහු මිරිහාන පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කර මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.