පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.
සිවිල් සංවිධානයක් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබුවා.
මහ මැතිවරණයේ දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවටයි එම පෙත්සමේ සදහන් කර ඇත්තේ.
ඊට අදාළව මැතිවරණ කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටීමට නියමිතයි.
