Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු 20ත් 30ත් අතර තරුණයින්ට වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක්

2 years ago

සරම්ප එන්නත් දීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 09 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව, කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිසට අදාළ එන්නත් මාත්‍රා ලබා ගත හැකි අතර දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් වුවද පසුගිය වසරේ දී ඇතැම් ප්‍රදේශවලින් සරම්ප රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ, වාර්තාවන රෝගීන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 20 සිට 30 දක්වා වයසේ පසුවන තරුණ පිරිස වන බවයි.

ඔවුන්ගෙන් රෝගය සම්ප්‍රේෂණය වන බවට හඳුනාගෙන ඇති අතර ඒ හේතුවෙන් කුඩා දරුවන් සහ විශේෂයෙන් මාස 09ට අඩු ළදරුවන් රෝගයට ගොදුරු වන බවයි, සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

“මෙහිදී අරමුණ වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම තරුණ පරපුර විශේෂයෙන්ම කලින් සරම්ප එන්නත ලබානොගත් හෝ අතපසුවීමකින් බොහෝ වෙලාවට එසේත් නොමැති නම්, සරම්ප එන්නතින් සම්පූර්ණ ආරක්ෂාව ලබානොගත් හෝ එසේත් නොමැති නම්, සරම්ප එන්නත් මාත්‍රා එකක් පමණක් ලබාගත් අය සිටිනවා නම්, ඒ අය තෝරා බේරාගෙන ඒ අයට නැවත වරක් සරම්ප මාත්‍රාවක් ලබාදීම තමා ප්‍රධාන අරමුණ. වාසනාවකට වගේ අපේ රට තුළ සරම්ප එන්නත්කරණය හරහා පසුගිය අවුරුදු 10  – 20 ඇතුළත ඉතා විශාල ප්‍රගමනයක් ඇති කරගෙන තියෙනවා. ඒ හරහා අපිට පුළුවන් වුණා සරම්ප සම්පූර්ණයෙන්ම තුරන් කරන්න. නමුත් වෙනත් රටවලින් සරම්ප රෝගකාරක වෛරසය අපේ පරිසරයට ඇතුළු වුණොත්, ඒ සරම්ප රෝගයට නතු විය හැකි අයට ඒක අවදානමක් තියෙනවා. ඒ අවදානම අවම කිරීමේ අරමුණින් තමා මේ වැඩසටහන කරන්නේ.”