හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) දින නියෝග කර තිබෙනවා.
ඒ, මිරිහාන පිහිටි ඇයගේ නිවසේ නවතා තිබූ මෝටර් රථයක් අධිකරණයේ පෙනී සිටින ලෙස වට්ස්ස්ඇප් මාර්ගයෙන් ලද නොතීසියට අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ කිසිදු සම්බන්ධයක් නැති බව ඇය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ මංචනායක මහතා අධිකරණයට කරුණු දැක්වූවේ එය ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
පොලීසිය විසින් නොතීසිය යොමු කර තිබූ අතර ඇයගේ නිවසේ තිබූ වාහනය ගැන දැනුවත් භාවයක් තිබූ බවට විමර්ශන ප්‍රගතිය දක්වමින් මිරිහාන පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ගත කර ඇති අතර අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටී.
