Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

CID නිළධාරීන් සුජීව සේනසිංහගේ ගෙදරට පැනලා! ආණ්ඩුව කරපු වැඩේට සුජීවට හොඳටම මළ පැනලා!

2 years ago

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සුජීව සේනසිංහගේ නිවෙසක් පොලිසිය විසින් පරික්ෂාවට ලක්කර ඇති බව වාර්තා වේ.

මෙලෙස පරික්ෂාවට ලක්කර ඇත්තේ, සුජීව සේනසිංහට අයත් කොල්ලුපිටියේ මල් පාරේ නිවෙසකි.

එ

එම අවස්ථාවේදී සුජීව සේනසිංහ නිවෙසේ සිට නැත.

කෙසේවෙතත් තමා නිවෙසේ නොසිටි අවස්ථාවේ කිසියම් පිරිසක් සිය නිවෙස සෝදිසි කර ඇති බව පවසමින් සුජීව සේනසිංහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LTTE සංවිධානයට අයත් නිල ඇඳුම් කට්ටල පිළිබඳව ලද තොරතුරක් මත තම නිවස පරීක්ෂා කළ බව සුජීව සේනසිංහ මහතා ඊයේ(04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

හදිසියේම තම නිවස පරීක්ෂා කිරීම නින්දිත ක්‍රියාවක් බවයි සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා සඳහන් කළේ.