Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අනුරගේ රුව සහිත ව්‍යාජ මුදල් නෝට්ටුවක්! සැකකරුවෙක් අත්අඩංගුවට!

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් යොදාගනිමින් ව්‍යාජ මුදල් නෝට්ටුවක් සැකසූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ජනාධිපතිවරයාගේ රුව යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද රුපියක් 5000ක නෝට්ටුවක අන්තර්ජාලයට මුදා හැරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු ඊයේ (04)  පස්වරුවේ පිළියන්දලදී අත්අඩංගුවට ගත් බවයි.