Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝටි 10ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් කතක් කොටුවෙයි

2 years ago

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රියේ මැලේසියාවේ සිට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5ක් වන බවය.  

එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මිලියන 100ක් පමණ වන බව එම නිළධාරීන් පවසනවා.

මෙම කාන්තාව විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මලුවල සඟවා තිබූ අතර එය අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් බව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පැවසීය.

මේ අතර ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.