Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අංගුලිමාල පුත්‍රයෙක් පිළිබඳ පුවතක්! තම මවගේ ඇඟිලි කොටයක් මත තබා වෙන් වෙන්න කපලා!

2 years ago

පුත්‍රයා විසින් සිය මවගේ ඇඟිලි තුනක් කොටයක් උඩ තබා වෙන් වන සේ කැපූ අනුවේදනීය පුවතක් වැල්ලවාය පොලිස් ප්‍රදේශයේ හඳපානාගල, පුබුදුවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාළ පුද්ගලයා පසුව ඔහුගේ සහෝදරියට ද පිහියකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ.

ප්‍රහාරයට ලක්වූ මව සහ සහෝදරිය ප්‍රතිකාර සඳහා වැල්ලවාය මුලික රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

අමානුෂික පහරදීම 30 හැවිරිදි පුත්‍රයාව පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

පහරදීමට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.