ත්රිකුණාමලය නගරයේ පිහිටා ඇති පෞද්ගලික රෝහලක් තුළ දී ඊයේ (05) අලුයම කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
63 හැවිරිදි මරණකාරිය විදෙස් ගතව සිට පැමිණි අයෙක් වන අතර ඇයගේ ස්වාමි පුරුෂයාට අයත් රෝහලේ නේවාසිකව සිටියදී මෙලෙස මරණයට පත්ව ඇති බව සඳහන්.
කාන්තාව රෝහලේ 03 වන මහලේ පිහිටි නේවාසික කාමරයට පැමිණෙමින් සිටියදී මරණකාරියගේ සැමියාගේ සහෝදරයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.
වයස අවුරුදු 55ක් වන ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුත් එම මහලේම කාමරයක නේවාසිකව පදිංචිව සිටින බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය මහෙස්ත්රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, ත්රිකුණාමලය පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
