Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්ගේ හා නියාමකවරයෙකුගේ වැඩ තහනම්

2 years ago

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ සහ බන්ධනාගාර නියාමකවරයකුගේ (ගබඩා භාරකරු) වැඩ තහනම් කර තිබේ.

රැඳවියන්ට ජංගම දුරකථන සැපයූ බවට අනාවරණය වීම නිසා මෙලෙස ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මොවුන් දෙදෙනා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැඳවියකු සමඟ රහසිගත සබඳතාවක් පවත්වා ඇති අතර, ඔහුගේ උපදෙස් මත රැඳවියන්ට ජංගම දුරකථන ලබාදී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.