අග්‍රාමාත්‍ය කාර්යාලයේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර තිබෙනවා.
එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදී තිබෙන බවයි පැවසෙන්නේ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල වෙත ඊට අදාල ලිපි ලේඛන සහ යතුරු භාර දීම පසුගිය 05 වනදා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරුණා.
අනවශ්‍ය වියදම් අවම කිරීම සඳහා රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුවයි මෙය සිදු කළේ.
ඒ අනූව වෛද්‍ය ඒකකය සතු මානව සහ භෞතික සම්පත් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා ඉදිරියේදී මහජන සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් යොදවනු ඇති.
