Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆි ලොකු වැඩකට සැරසෙයි! අසත්‍ය චෝදනා එල්ල කළ සියල්ලන්ට වැඩ වරදියි!

2 years ago

පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බව වෛද්‍ය සාෆි සහබ්දී මහතා පවසනවා.

කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව ඊයේ (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා සිටියා.

තමන්ට සිදු වූ අසාධාරණය තවත් කෙනෙකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසු වෛද්‍ය සාෆි මහතා තවදුරටත් අදහස් දැක්වමින් කියා සිටියේ,

“පුද්ගලික වාසි වෙනුවෙන් තමන්ගේ තනතුර ඉහළ දමාගන්න මාව බිලිදීපු එකගැන කණගාටු වෙනවා. තමන්ගේ හැකියාව තුළින් ඉදිරියට යන්නේ නැතුව මං වගේ අහිංසක මනුස්සයෙක්ව, පවුලක් විනාශ කරලා ඉදිරියට ගිය එක ගැන නීතිමය පියවර ගන්වා. ඒ සම්බන්ධව මගේ නීතිඥවරයත් එක්ක සම්බන්ධවෙලා අනිවාර්යයෙන්ම තව කෙනෙකුට මෙවන් දෙයක් සිදු නොවෙන්න නීතිය පැත්තෙන් ගන්න පුළුවන් පියවර ඔක්කොම ගන්නවා”.